ශ්‍රී ලංකා කෙටි දුර ක්‍රීඩක ක්‍රීඩිකාවෝ පෞද්ගලික ඉසව් අමතක කරති
මහේෂ් සහ රත්නපාල ලෝකඩ සටනෙන් පැරදෙති
මහේෂ් සහ රත්නපාල ලෝකඩ සටනෙන් පැරදෙති

ජගත් ආරක්ෂක සේවා ක්‍රීඩා උළෙලේ තරග පැවත්වෙන අවසාන දිනය වන අද (ජූලි 23) දා ශ්‍රී ලංකාව මුහුණ දෙන සහය දිවීම් ඉසව් සදහා ප්‍රමුඛතාවය දෙණු පිණිස ශ්‍රී ලංකා කෙටි දුර ක්‍රීඩක ක්‍රීඩිකාවෝ ඊයේ සිය පෞද්ගලික ඉසව් වලින් ඉවත් වූහ.ඒ අනුව ෂෙහාන් අඹේපිටිය,චන්ද්‍රිකා සුභාෂණී සහ සුජානි බුද්ධිකා තරග ආරම්භයට පැමිණ අතර මගදී ඉවත් වෙමින් ඔවුන් සිය ශක්තිය අද පැවත්වෙන සයහ දිවීම් අවසන තරග සදහා ඉතිරි කර ගත්හ. එහි ප්‍රතිපල ඊයේම පෙන්නුම් කළ මීටර් 4×100 පිරිමි කණ්ඩායම තමන් සහභාගි වූ මූලික තරගයේ දී ප්‍රථම ස්ථානය දිනා ගනිමින් අවසාන තරගයට අපහසුවකින් තොරව සුදුසුකම් ලැබීය.ඒ අනුව අද කාන්තා සහ පිරිමි මීටර් 100 සහය දිවීම් කණ්ඩායම් දෙකම අද අවසාන තරග සදහා පිවිසෙති. මේ අතර අද මීටර් 1500 ඉසව්වේ අවසාන තරගයට ඉදිරිපත් වන චමින්ද විජේකෝන් ට අමතරව එන්සීඩී ප්‍රියදර්ශණී ද ශ්‍රී ලංකාව වෙනුවෙන් දුර පැනීමේ ඉසව්ව වෙනුවෙන් තරග බිමට පිවිසීමට නියමිතය.
මේ අතර මහත් බලාපොරොත්තු තබා සිටි මහේෂ් පෙරේරා සහ වසන්ත රත්නපාල ඊයේ පස්වරුවේ වෙරළ වොලිබෝල් ලෝකඩ පදක්කම වෙනුවෙන් පැවති තරගයෙන් පරාජය ලැබීය.ඒ බ්‍රසීලයේ රොජෙරියො සහ රොබර්ටෝ වෙතින් මෙම තරගාවලිය තුළ ලද දෙවන පරාජයත් සමගය.ලකුණු තත්ත්වය 21-10 සහ 21-13 ලෙසය.කෙසේ හෝ තරගාවලියේ දී ප්‍රබල ඇමෙරිකානු ක්‍රීඩක යුගලය පවා පරාජය කරමින් මහේෂ් සහ රත්නපාල පෑ විශිෂ්ඨ දස්කම් ශ්‍රී ලංකාවේ වෙරළ වොලිබෝල් ක්‍රීඩාව පිළිබදව ලෝක අවධානය දිනා ගැනීමට බෙහෙවින් ඉවහල් විය.
Sat, Jul 23, 2011 at 6:23 AM